අගමැතිවරයා සමග පැවති සාකච්චාවන්වලදී එකගවූ කරුණු මත නව ව්‍යවස්ථා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දැනට ‘උතුර‘ පළාත ලෙස හැදින්වෙන් පළාතේ නම ඉදිරියේදී වෙනස් වන බවත් ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.
උතුර ප්‍රදේශය සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ සදහා අගමැතිවරයා යටතට උතුර සංවර්ධන විෂය පවරා ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.