Colombo Today Local NewsWorld

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

kohinoor-in-queens-crown
ඉන්දියාවෙන් පැහැර ගන්නාලදැයි කියවෙන් බ්‍රිතාන්‍යය රැජණගේ කිරැළේ ඔබ්බවා ඇති කොහිනූර් දියමන්තිය

ඉන්දියාවෙන් සොරාගෙන ඇතිබව කියවෙන කොහිනූර් දියමන්තිය නැවත ඉන්දියාවට භාර දෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍යය රැජිණට නඩු පැවරීමට සූදානම් වෙයි. ඉන්දියාවේ බොලිවුඩ් තරු සහ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් එක්ව මෙලෙස එම දියමන්තිය නැවත ඉන්දියාවට ලබා ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බව වාර්තා වේ.

ලොව මෙතෙක් හමු වූ විශාලතම දියමන්ති වලින් එකක් යැයි සැලකෙන පවුම් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් කොහිනූර් දියමන්තිය බ්‍රිතාන්‍ය රාජකීය ආභරණ වලින් එකක් වන අතර එය හයවන ජෝර්ජ් රජුගේ සහ දෙවන එළිසබෙත් රැජිනගේ ඔටුනු පැලදවීමේ උත්සවයේ දී පළදින ලද ඔටුන්නේ ඔබ්බවා තිබේ. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ පන්ජාබයේ මහාරාජා වන දුලීප් සිං විසින් කොහිනූර් දියමන්තිය රැජිනට ලබා දුන් බව පැවසෙයි.

කොහිනූර් යන්නෙහි අර්තය වන ‘ආලෝකයේ කන්ද’ (Mountain of Light) යන නමින් හඳුන්වන මෙම දියමන්තිය මිළ කල නොහැකි පාෂාණයක් පමණක් නොව ඉන්දීය සංස්කෘතියේ සහ ඉතිහාසයේ කොටසක් බවද එහි අයිතිය වෙනුවෙන් සටන් වදින කණ්ඩායම පවසයි.

da44a84d589d07fc7f2467eeb8e0c0a1_L

Related posts

මහ කන්නය විනාශයි. ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ. – රෝහිණී කවිරත්න

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

Video තුර්කි ගුවන්තොටුපළට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්.. 36ක් මරුට.. 150කට තුවාලයි

colombotoday

මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්

Admin

ත්‍රස්තවාදීන් බිහිකරන නීති විරෝධී මද්‍රසා පාසල් නීතිගත කරගැනීමේ කූට සැලසුම මෙන්න…

colombotoday