Colombo Today Local News

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාසය අසල මාර්ගයේ සිදුකළ වැටලීමකින් කොළඹ උතුර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05)දින රාත්‍රී 8.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 322 යි මිලිග්‍රෑම් 910 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකාරිය හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 50,000ක මුදලක් ද සමග අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 25 ක් වු කොළඹ 14, ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද (06) දින මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

පොලිස් සහ ත්‍රිවිද හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන බෙදා හරින බව ඇමති කංචන කියයි

Admin

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday