Colombo Today Local News

හෙට වුණත් ආණ්ඩුව දෙන්නම්… ඒත් අගමැතිකමට රනිල්නම් බෑ – ජනපති එජාපෙට කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඕනෑම අයෙක් නම් කරන්නේ නම් හෙට වුවද ආණ්ඩුව ලබාදිය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකයන් විසින් සිය අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරීමට තීරණය කළ බව මෙහිදී ජනපතිවරයාට සඳහන් කර ඇති අතර ජනපතිවරයා අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඉහත අදහස් දක්වා ඇත.

ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

” අපි එතුමට කිව්වා පාර්ලිමේන්තුවේ බහුතරය අති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන් කියලා. ජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි” යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනපති හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැසීය.

Related posts

ඉෂාලිනිගේ මෘත දේහය ගොඩ ගැනිම සදහා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරයි.

colombotoday

වෙළෙඳසැල්වල ශීතකරණ තුළ ඇති ආහාර කල් ඉකුත් වීමේ අවධානමක්

colombotoday

ගෝඨාට ඡන්දය දෙන්න කිසිදු බාදාවක් නෑ

colombotoday

පණත සම්මත කරාට කොටින්ට වන්දි ගෙවන්න බෑ…

colombotoday

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday

අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 10ක් රෝහලේ

Admin