Colombo Today Local News

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවාල් මහතා පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සපයන බව ද ඔහු කීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ද සාකච්ඡා කෙරිණ.

Related posts

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

වසන්තගෙන් හිස්වූ ඇමති පුටුවේ ෆොන්සේකා වාඩිවෙයි… අවසරයක් නැතිවම ඇමතිකමේ වැඩ බාරගනී…

colombotoday

කසළ තේ අපනයන ජාවාරම්කරුවන් පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින්නුත් ඇද්දැයි විමර්ශන

colombotoday

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

colombotoday

ලංකාවේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි

colombotoday

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday