Colombo Today Local News

හක්මන වෙඩි තැබීමකින් පොහොට්ටුවේ මන්ත්‍රී මරුට…

ඊයේ (04) පස්වරු 4.30ට පමණ හක්මන පොලිස් වසමේ කැබිලියපොල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ මන්ත්‍රීවරයා ගංගොඩගම රෝහලට ඇතුළත් කර ඇත.

රෝහළට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයේ පසුවූ මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව හක්මන පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හක්මන නරවැල්පිට උතුර අඹගහවත්තේ පදිංචිව සිටි ලොකු හකුරුගේ ශාන්ත නොහොත් මැණික් ශාන්ත(53) නම් ව්‍යාපාරිකයෙකි.

ඔහු ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු ද වන අතර ඝාතනයට ලක්ව ඇත්තේ කැඹිලියපොල ප්‍රදේශයේ ඉඩම් ගණුදෙනුවක් ගැන කතාකිරීමට ගොස් තිබූ අවස්ථාවකය. එම කතාබහ අතරතුර වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි නන්නාදුනන පුද්ගලයන් පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Related posts

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

colombotoday

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday