Colombo Today Local News

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

සුරාබදු පනත යටතේ සිදු කළ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවා අයකර ගනු ලැබූ රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ආපසු ගෙවන ලෙස අභියාචනාධිකරණය විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබීය.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.මේරි පෙරුමාල් ඇතුළු තුන් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය සිදුකළේය.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, තමන් විසින් පවත්වාගෙන ගිය මත්පැන් හලක් වැටලු සුරාබදු නිලධාරීන් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 40 ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙස නියෝග කළ බවය.

සුරාබදු පනත යටතේ අදාළ වරද සඳහා අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් බව පෙන්වා දුන් පෙත්සම්කරුවන් ඒ අනුව තමන් වෙත නියම කර ඇති දඩය නීති විරෝධී බව කියාසිටියේය.

ඒ අනුව එම කරුණු පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන් වෙත නියම කර ඇති දඩය නීතියට පටහැනි බව තීන්දු කළේය.

ඒ අනුව දැනට නියම කර ඇති රුපියල් ලක්ෂ 40 ක දඩ මුදලින් රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ආපසු පෙත්සම්කරුවන් වෙත ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් නියෝග කර තිබේ.

Related posts

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday

දෙමල සන්ධානය, නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීමේ සූදානමක් (VIDEO)

colombotoday

චන්ද්‍රිකාගේ දුවට බෝම්බ ගහන්න හැදුවයි කියන්නේ ඇත්තද? මහින්ද ‍ගොළු බසින් පිළිතුරු දෙයි

colombotoday

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

කෑමට නුසුදුසු මාළු කිලෝ 5,670 ක් ප්‍රවහානය කරමින් සිටි අයෙක් අල්ලයි

colombotoday