Colombo Today Local News

ස්විස් තානාපති නිලධාරිනිය 30 දක්වා රිමාන්ඩ්

පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගානියා බැනිස්ටර් නමැත්තිය අද (16දා) සවස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

රජය කෙරෙහි අපකීර්තියක් ඇති කිරීමට කටයුතු කිරීම හා සාවද්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීම යන චෝදනාව මත ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබිණි.

Related posts

ලෝක කාන්තා දින ජාතික උත්සවය ඇමති සාගලගේ ප්‍රධානත්වයෙන්

colombotoday

ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’.. සංචරණ සීමා දැඩිසේ පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

colombotoday

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට.

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හදුනා ගෙන

colombotoday

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday