Colombo Today Local News

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් මරණයට පත්ව ඇතිබව හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.

මරණයට පත්ව ඇත්තේ බිංගිරියල පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි.

මෙම පුද්ගලයා උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් පසුගිය මාසයේ 30 දින හලාවත රෝහලට ඇතුලත්ව ඇත. එහි විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුවවීමෙන් අනතුරුව රෝගියාගේ බලවත් ඉල්ලීම මත ඔහුව රෝහලෙන් නිදහස් කර ඇත.

ඒ අනුව මෙම රෝගියා මේ මාසයේ 01දා සිට තම නිවසේ ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි. මෙම පුද්ලයා තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නැවත අසාධ්‍ය වීම හේතුවෙන් හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදිනම මරණයට පත්ව ඇත.

පී සී ආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල් කොටස් පරීක්ෂාවට යවා ඇති බවත් එහි ප්‍රතිඵල මේ වනවිටත් නොලැබී ඇතිබවත් සිදුකළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

Related posts

විදෙස්ගතව සිටි ශ්‍රි ලංකිකයන් පිරිසක් දිවයිනට පැමිණේ

colombotoday

හූ හඩ මැද්දේ මන්ත්‍රී ජගත් කුමාර ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

පාරිභෝගිකයාට මාධ්‍ය සංදර්ශණ නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙනු.

colombotoday

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

Admin

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday