Colombo Today Local News

සම්පායෝ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහැර ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව වෙත ලබන සැප්තැම්බර් මස 21 වන දා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කළේය.

තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් සිය නීතිඥවරු ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇතැයි පෙත්සම්කාර සම්පායෝ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ම ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔහු අභියාචනාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Related posts

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

colombotoday

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිය අද ඇරඹේ – ජනපති හෙට සමුළුව අමතයි

colombotoday