15 April 2025
Colombo Today Local News

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

ka2පෙමින් වෙලී සිටි තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් එක් තරුණයෙකු අනෙක් තරුණයාට පිහියෙන් ඇන මරා දමා ඔහුද වස පානයකර රෝහල්ගත කළ පුවතක් හබරණ ප්‍ර දේශයෙන් වාර්තා වෙයි.

මෙම දෙදෙනා කලක සිට ආදරයෙන් සිට ඇති අතර මියගිය තරුණයා තරුණියක සමග ප්‍රේම සම්බන්දතාවක් පවත්වන බව දැනගැනීම නිසා තමන් මිතුරා මරා දමා තමන්ද වස පාලනය කළ බව රෝහල්ගතකර සිටින තරුණයා ප්‍රකාශ කර තිබෙනවා.  මෙම දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා හබරණ ගල් තලාවක් මතට ගොස් ඇති අතර වස පානය කළ තරුණයා පසුදින අලුයම තම නිවසට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ තමන් තම මිතුරාට පිහියෙන් ඇන මරා දැමූ බවයි.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ පදිංචි ඩබ්ලිව්. එම්. ඔෂාන් විදුරංග නම් සංචාරක හෝටලය සේවය කරන පුද්ගලයෙකු වන අතර වස පානය කර රෝහල්ගතකර ඇත්තේ දඹුල්ල ප්‍ර දේශයේ පදිංචි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙක් බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙම මිනීමරුම සමලිංගිකත්වය නිසා ලංකාවේ සිදුවුණ පළමු මිනී මැරුම ලෙසද සදහන් වනවා. පසුගිය දිනට සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණේ රට තුළ සමලිංගික සේවනය ඉහළ ගොස් ඇති බවැන් ඒඩ්ස් වැඩි වශයෙන් පැතිරීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි. එමෙන්ම ඇමරිකානු (යූ.එස්. ඒඩ්) සංවිධානයේ අරමුදල් ඇතිවි සමලිංගික සේවනය ප්‍රචලිත කිරීමේ වැඩමුළුවක්ද කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පවත්වා තිබුණා.

Related posts

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

colombotoday

නව පූජා භූමි 03ක් ප්‍රකාශයට පත් කරේ

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කර රණවිරු දඩයම යලි ඇරඹෙයි. – නාවික බුද්ධි නිලදරුවෙකු අත්අඩංගුවට.

colombotoday

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday