World

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

‘සමලිංගික සබඳතා පවත්වන සෑම තැනැත්තකු දෙවියන්ගේ දරුවෙකි. එය දෙවියන් වහන්සේගේ කැමැත්තයි’

මෙය මේ දිනවල යුරෝපයේ ඇතැම් මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලයයි.

ඉතා ඉහල පදවියක් දරන පූජකවරයකු විසින් සිය සමලිංගික ජීවිතය හෙළිදරව් කරනු ලැබීම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණේ එවැනි සිරස්තල සහිතවයි.

වතිකානය සසළ කළ එම ප්‍රකාශය කළේ ක්‍රිස්ටෝෆ් චරම්ෂා (Kryzsztov Charamsa) නම් පෝලන්ත ජාතික සම්භවයක් සහිත දේවගැතිවරයකු විසින්.

දේවගැතිවරයා විසින් කරන ලද හෙළිදරව්ව රෝමානු කතෝලික සභාවේ බලවත් කෝපයට හේතු වී ඇත.

එම හෙළිදරව් කරනු ලැබීම සිදු කෙරුනේ ‘පවුල’ සම්බන්ධයෙන් කතෝලික ඉගැන්වීම් නිර්වචනය කෙරෙන රදගුරුවරුන්ගේ ආගමික සමුළුවක් ආරම්භ වීමට දිනක් තිබියදී.

ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා සිය සමලිංගික ජීවිතය අනාවරණය කරනු ලැබීමෙන් අනතුරුව ඔහු එතෙක් දරන ලද පදවියෙන් ඉවත් කොට ඇත.

වතිකාන් ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් තරයේ කියා සිටියේ එම තීන්දුව එකී දේවගැතිවරයාගේ පෞද්ගලික තත්වයට අදාළ එකක් නොවූ බවයි.

හතළිස් තුන් හැවිරිදි ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා පවසන්නේ සමලිංගික ජීවිතය සම්බන්ධයෙන් කතෝලික සභාවේ පසුගාමී ආකල්පයට අභියෝග කිරීම සිය උවමනාව බවයි.

මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ ‘සමලිංගික සබඳතා පවත්වන කතෝලිකයන් ආදර ජීවිතයෙන් සහමුලින්ම ඈත් කරනු ලැබීම අමානුෂික ක්‍රියාවක් වන බව තේරුම් ගැනීම සඳහා කතෝලික සභාවේ ඇස් ඇරීමට කාලය’ පැමිණ ඇති බවයි.

 

Related posts

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ නෞකාවක් අනතුරක

Admin

“මේ අල්ලා දෙවියන් වෙනුවෙන්, ඉස්ලාමය වෙනුවෙන්“ කියා ලන්ඩනයේ බෙලි කැපීමට පෙර IS ත්‍රස්තයෝ කරපු දේ මෙන්න

colombotoday

නයිජර් හි පාලනය හමුදාව සියතට ගනී

Admin

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin