ලබන සඳුදා දිනයේ පාර්ලිමේන්තුවට ඡන්ද විමසීමක් සහිත මෝසමක් ඉදිරිපත් කිරීමට බලාපොරෝත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අද (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
එහිද මාධ්‍යවේදියෙකු ඇසු ප්රශෟණයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ලබන සඳුදා දිනයේදි තම පාර්ශවයෙන් කිසිදු හානීයක් සිදු නොවන බවත් ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව ගීනි තැබිමට පවා කටයුතු කරනු ඇති බවයි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ කථානායකවරයා ඊයේ (16) දිනයේ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය නීත්‍යානුකූල බවයි.