Colombo Today Local News

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 400ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ බැංකුව එම මුදල් ලබාදීමට එකඟ වූ මහ බැංකුව සඳහන් කරයි.

මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීම සඳහා ඉන්දියානු මහ බැංකුව සමඟ ද්විපාර්ශවීය හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඉන්දීය මහ බැංකුවෙන් ලැබෙන මෙම මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතුවනු ඇතැයි ද ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට උපකාරි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම මුදල ලැබෙන අතර ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව සංවිධානයේ හුවමාරු පහසුකම’ යටතේ එම මුදල් ලැබීමට නියමිත යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පසුගිය වසරේ අවසන් මාස තුනේදී විදේශ මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බවත් වසර අවසන් වනවිට සමස්ත විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.94ක් වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

Related posts

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු – මැකොස සභාපති දැනුම් දෙයි

Admin

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි

colombotoday

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday