Colombo Today Local NewsColombo Today Sports News

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවැනි 20-20 තරගයෙන්ද ශ‍්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 88ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය පිල සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 260ක් ලබා ගත්තේය. එය ඉන්දීය පිල 20-20 තරගයකදී ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව වෙයි.

එහිදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කල රෝහිත් ෂර්මා පන්දු 43කදී ලකුණු 118ක් ලබා ගත්තේ හටේ පහර 10ක් හා හතරේ පහර 12ක් සමගිනි.

පිළතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 17.2කදි සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 172ක් පමණි.

මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ඉන්දීය පිල මේ වන විටත් ජයගෙන සිටී.

Related posts

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

colombotoday

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday

පුරවැසිභාවය නැති ඩයනාට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

Admin

රවි කරුණානායක බිල්ලට දී නිදහස් වෙන මහ මොළකරු අගමැති රනිල්, සැලසුම්කරුවන් වන මලික් හා කබීර් හෂීම්

colombotoday

අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා

colombotoday