Colombo Today Local News

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

ජ්‍යාත්‍යන්තර වෙළඳ නෞකාවක රාජකාරි කරමින් සිට රෝගී වූ ඉන්දියානු ජාතිකයෙකු නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කරයි.

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ සේවය කල ඉන්දියානු ජාතික නාවිකයෙකු අසනීප තත්වයක් හේතුවෙන් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින සිය සහාය ලබා දෙන ලදි.

ජිබුටි (Djibouti) ජනරජයේ ලියාපදිංචි වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ රාජකාරි සිදු කරනු ලබන ඉන්දියානු ජාතික නාවිකයෙකු හට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කොළඹ වරායට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස නෞකාවේ දේශීය නියෝජිතායතනය විසින් ආරක්‍ෂක අමාත්‍යංශයෙන් කල ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ එම රෝගී නාවිකයාව ආරක්‍ෂිතව කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

මෙහිදී, එම නාවිකයා MV Teamclio නැමති නෞකාව මගින් කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 12 ක‍් පමණ ආසන්නයට රැගෙන ඒමට අදාල දේශීය නියෝජිතායතනය විසින් කටයුතු කර තිබූ අතර, එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී පුද්ගලයා (01) සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද අතර, පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. තවද,මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ සුවසැරිය ගිලන් සේවයේ නොමද සහයෝගය නාවික හමුදාව වෙත ලබා දෙන ලදි.

Related posts

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

colombotoday

අම්බලම්මුල්ල විහාරය ඉදිරිපිට මූලධර්මවාදී යාඥා මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා

colombotoday

‘ගල්ලෑල්ලෙන් පැන්නේ ආරක්ෂකයෝ නැති වෙලාවක’ – ගැටයා කියයි

colombotoday

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday