Colombo Today Local News

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා මේ බව කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන විවාදයේදී ය.
 
සේවා කාලයට අදාළව උසස්වීම් ලබා නොදෙනවා නම් එලෙස නොදීමට හේතුව එම විනිසුරුවරුන් දැන ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. තමා කතා කරන්නේ දැනට පත් කර සිටින විනිසුරුවරුන් නොවන බවත්, තමා කතා කරන්නේ පත් නොකළ හරින ලද පිරිස ගැන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‘‘ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි.  අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා‘‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
 
‘‘අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනී කරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.‘‘යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

ගුවන් හමුදා සෙබලෙකු මියයයි

colombotoday

රන් බඩු කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

colombotoday

තේ කර්මාන්තශාලාවේ ගින්නකින් ලක්ෂ 80ක අලාභ හානි

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday