Colombo Today Local News

ලොකුම හෙරොයින් තොගය ගෙනා මහමොළකරුවන් හෙලිවෙයි…

පසුගියදා 23වනදා කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් ලංකාවේ විශාලතම හෙරෝයින් තොගය ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් දැනට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින කොස්ගොඩ සුජී ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ අද එම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝග කර තිබේ.

මෙලෙස ජාත්‍යන්තර පොලීසියට ව‍රෙන්තු නිකුත් කර ඇත්තේ ජගමුනි සුජීව ද සිල්වා, ඇන්ටනි මයිකල් මොරිල්, මොහොමඩ් ශිරාම් බසිත්, මකීල් අබ්දුල් රහීම් සහ බංගලාදේශ් ජාතික අහමඩ් හුසෙන් යන සැකකරුවන් පස් දෙනාටයි.

මෙම සැකකරුවන් පස් දෙනා ගැන තොරතුරු අනාවරණයවී ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා විසින් ලබා දුන් තොරතුරු අනුවය.

Related posts

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

Admin

අදත් රටපුරා ඇදිරිනීතිය…

colombotoday

2019 ජනාධිපති අපේක්ෂකයා මගේ සහෝදරයා විය හැකියි – හිටපු ජනපති මහින්ද පවසයි

colombotoday

බෝග වර්ග 07ක බීජ ආනයනය සීමා කිරීමට සැලස්මක්

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

colombotoday