World

ලාංකික කතකගෙන් බලෙන් වැඩ ගත් ඇමරිකන් කත වසර 5ක් හිරේ​

දශකයකට ආසන්න කාලයක් වැටුප් රහිතව ශ්‍රී ලාංකික කාන්තාවක් ගෘහ සේවිකාවක් ලෙස සේවයේ යෙදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇමෙරිකානු කාන්තාවකට සිරදඬුවම් නියම කෙරී ඇත.

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ කාන්තාවක් මෙලෙස එරට අධිකරණය විසින් වැරදිකාරිය බවට පත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

කැම්ඩන්හි ෆෙඩරල් විනිසුරුවරයෙක් පෙරේදා (10 වැනිදා) දිනයේ මෙම කාන්තාවට වසර 05ක සහ මාස 10ක සිරදඬුවමක් නියම කර තිබේ.

ආලියා ඉටාඩ් ෆලේන් නමැති ජෝන්දානයේ උපත ලද ඇමෙරිකානු පුරවැසියකු වන අදාළ කාන්තාව වින්දිත ශ්‍රී ලාංකික කාන්තාව 2009 සිට තාවකාලික වීසා බලපත්‍රයක් මත එක්සත් ජනපදයට රැගෙන විත් සේවයේ යොදවා ගෙන ඇත.

ආලියා ඉමාඩ් හේතුවෙන් ශ්‍රී ලාංකික වින්දිතයාට ඇයගේ වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස වසර 09කට වැඩි කාලයක් එක්සත් ජනපදයේ රැඳී සිටීමට සිදුව ඇති බව මෙම නඩු කටයුත්තේදී විත්තියේ නීතිඥවරු පෙන්වා දී තිබේ.

මෙලෙස වරදකාරිය කර ඇති ආලියා ඉමාඩ් පිළිකා පර්‌යේෂණ විද්‍යාඥවරියකි. බලහත්කාරයෙන් සේවයේ යෙදවීම මූල්‍යමය වාසි තකා විදේශිකයකුට රැකවරණය ලබාදීම සහ වංචා චෝදනා යටතේ ඇයව වරදකාරිය කර ඇත.

වුඩ්ලන්ඩ් පාර්ක් හා සෙකෝසස්හි පිහිටි ඇයගේ නිවාසවල ආහාර පිසීමට, පිරිසුදු කිරීමට හා ඇයගේ දරුවන් තිදෙනා රැකබලා ගැනීමට වින්දිත කාන්තාව යොදවා ඇතැයි වාර්තා සඳහන් කරයි.

Related posts

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000කට කොවිඩ්

colombotoday

අමෙරිකාව හරහා හමා යන ‘ලෝරා’ සුළි කුණාටුව 04 වන කාණ්ඩය දක්වා වර්ධනය වෙයි

colombotoday

තායිවානය අය වැයෙන් ආරක්ෂක වියදම් 14%කින් ඉහළ දමයි

colombotoday

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin