World

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000කට කොවිඩ්

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000ක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පෙන්ටගනය වාර්තා කරයි.

ඉන් 9 දෙනෙකු මියගොස් ඇති බව ද වාර්තා වේ.

අමෙරිකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින් මිලියන 1.3ක් සක්‍රීය සේවයේ සිටී.

එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගිය මස පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් ඇත්තේ එක් හමුදා සාමාජිකයෙක් පමණක් බවය.

මේ අතර එරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04)දින වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයින් 108,389 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඒ අනුව අමෙරිකාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 9,801,355ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ ගණන 239,829 කි.

Related posts

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

colombotoday

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

colombotoday

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

කළු ජාතිකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට එරෙහිව මිනීමැරීමේ චෝදනා

colombotoday

ලාස් වේගාස් ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී.. ප්‍රහාරකයා මෑතදී ඉස්ලාම් ආගම වැළගත් අයෙක්

colombotoday