Colombo Today Local News

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් හා වියදම් සමීක්ෂණය කර බැලීමේදී පසුගිය වසරේදී රුපියල් බිලියන 26කට අධික අලාභයක් අපේක්ෂා කරන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


මේ පිළිබඳව අප කළ විමසුමකදී එහි සංවර්ධන අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසුවේ අවසන් ගිණුම් මේ වනතුරු සකසා අවසන් වී නොමැති බවත් පවතින ගිණුම් වාර්තා අනුව පසුගිය වසරේදී ලං.වි.ම. ආදායම රුපියල් බිලියන 244ක් වන අතර වියදම රුපියල් බිලියන 270ක් වන බවයි.

ආදායම හා වියදම අතර මෙවැනි පරතරයක් ඇතිවීම සඳහා බලපෑ කරුණු අතර රජයේ ප්‍රතිපත්තියක් ලෙස අඩු මිලට ගෘහාශි්‍රත විදුලිය සැපයීම, ආගමික ස්ථානවලට හා විවිධ කර්මාන්ත සඳහාද විදුලිය සැපයීම වැනි හේතූන්ද ඇති බව ඔහු පැවැසුවේය. ලාභ ලැබීම මතම නොසිටිමින් රාජ්‍ය ප්‍රතිපත්ති අනුව වැඩකටයුතු කිරීමේදී මෙවැනි තත්ත්වයන් අපේක්ෂා කළ යුතු වන බවද හෙතෙම කීවේය.

2017 වර්ෂයේදී එම තත්ත්වය රුපියල් බිලියන 49ක් වූ බව පෙන්වා දුන් සංවර්ධන අධ්‍යක්ෂවරයා පැවැසුවේ පසුගිය වසරේදී ලැබුණු වර්ෂාපතනය වැනි කරුණු හේතුවෙන් එම වසරේදී රුපියල් බිලියන 26 දක්වා පහත වැටී ඇති බවය.

කෙසේ වෙතත් ලං.වි.ම. මීට පෙර ගෙන ඇති ණය සඳහා රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 70ක් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ද පසුගිය වසර සඳහා රුපියල් බිලියන 45ක මුදලක් ගෙවිය යුතුව ඇතැයිද හෙතෙම පැවැසීය.

Related posts

පවුල් ආරවුලක් විසදන්න ගිය තිදරුමවක් පොලු පහරකින් මරුට

colombotoday

“වැරදි කතා එපා.. ෂැඩෝ කැබිනට්ටුව හැදුවේ මාස හයක් මහන්සි වෙලයි” – ෂැඩෝ ඇමති ඩලස්

colombotoday

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

අගමැති, නාවික හමුදාපතිට හම්බන්තොට වරායේ තවත් වැඩක් බාරදෙයි !

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.

colombotoday