Colombo Today Local News

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසනවා.

මන්නාරම ආරක්ෂක අංශ පැවසුවේ ඩෙටනේටර් 06ක් සමඟ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා සතුව මුදල් තොගයක්ද පැවති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය හා මන්නාරම ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මිට පෙරද රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයකුද ආරක්ෂක අංශ මගින් ඇත අඩංගුවට ගෙන කඩිනමින් මුදා හරිම සම්බන්ධයෙන්ද සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙන අතර ඊයේ රාත්‍රියේ පවතී රුපවාහිනී වැඩසටහනකදීද රිෂාඩ් අමාත්‍යවරයාට දැඩි චෝදනා එල්ල වූ අතර එහිදී අමාත්‍යවරයා දැඩි කලබල කරිව හැසිරුණ බව වාර්තා වනවා.

කෙසේ වෙතත් පවතින තත්වය තුල අන්තවාදී ක්‍රියාකාරකම් වලට රිෂාඩ් බදුයිදීම් අමාත්‍යවරයා සෘජුව සම්බන්ධ බවට ජන මතයක් ගොඩ නැගෙමින් තිබෙන අතර මෙවැනි අත් අඩංගුවට පත්වීම් හරහා ජනතාවග් සැකය සාධාරණව ඔප්පු වන්නටද හැකියාවක් ඇත.

මාධව කුලසූරිය

Related posts

අපි ඉන්නේ ගිනි ගොඩක…

colombotoday

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි සමග තිදෙනෙකු කොටු

colombotoday

රජයේ එන්නත් කරණවැඩපිළිවෙලෙන් විපක්ෂය දේශපාලනය කරයි. – අවශ්‍යතාවය මුලින්ම කිවේ සජිත් යැයි මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කරති.

colombotoday

ලක්ෂ 63 සමග මහ පාරේ අරගල කරනවා…

colombotoday