රාජාංගනය ප්‍රදේශයේ කලාප කිහිපයක පවුල් 12,000ක් පමණ හුදකලා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරස ආසාදිතයන් කිහිප දෙනෙක් එම ප්‍රදේශවලින් හමු වීමෙන් පසු මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු පැවසීය.
කන්දකාඩු පුනුරුත්ථාපන මද්‍යස්ථාන ආශ්රිත පොකුරෙන් ආසාදිතයන් 532ක් මේ වනවිට වාර්තා වී ඇතැයිද ඔහු සදහන් කරයි.
පවතින තත්වය මත රට තුළ ඇදිරිනීතිය පැනවීමට උවමනාවක් නැති බව ඔහු වැඩි දුරටත් පවසයි.