Colombo Today Local News

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

අද ජනතාව විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

අද වන විට ජනතාව විශාල වශයෙන් උකස්බඩු පෝලිම් වල සිටින බව ද ඔහු සදහන් කරයි.

එසේ අන්ත අසරණ වී සිටින ජනතාවට ගෝඨාභය රාජපක්ෂගේ සහගහන බදු පටවා ඇතැයිද ඔහු කියා සිටියේය.

අද සෑම පෙට්ට්‍රල් ලීටරයකටම රුපියල් 112ක් ඩීසල් ලීටරයකට රුපියල් 70ක් රාජපක්‍ෂ සහගහන බදු ගසා ඇති බවත් ඔහු කියා සිටී.

අද ගල් අඟුරු ශ්‍රී තුට්ටු දෙකට විටී තිබුණත් විදුලි බිල සිව් ගුණයකින් ඉහළ නංවා ඇතැයි ද ඔහු චෝදනා කරයි. ජල බිල ද තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි ගෑස් මිලද අඩු කර නැතැයිද ඔහු සඳහන් කරයි.

මහ මැතිවරණය සදහා වූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලේය.

Related posts

තෙල් ටැංකි ගනුදෙනුවත් සමග ඉන්දියාව ත්‍රිකුණාමලේට ඇතුළු වෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

කොවිඩ් ආසාදීත තිදරු පියෙක් රෝහලේ උඩු මහලින් බිමට පනී

colombotoday

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

colombotoday