මහබැංකු බැදුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් කල ජනතා විමුක්ති පෙරමුණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක සගවාගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ සැක පල කරයි.
රවී කරුණානායක මහතා වත්මන් ආණ්ඩවේ ප්රබලයෙකුගේ ආරක්ෂාව යටතේ සැගවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ විසින් කල චෝදනාව සම්බන්ධයෙන් ප්රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ ය.
පසුගිය රජයේ දූෂණ හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රවී කරුණානායක හිටපු මන්ත්රිවරයා සගවාගෙන ඇතැයිද අගමැතිවරයා කියා සිටියේ ය.