Colombo Today Local News

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල්දෙයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් මේ මස 14 වනදා දක්වා නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.

2016 වසරේ සිදුකෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් අද (04)දින නැවතත් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා වෙත මේ මස 14 වනදා දක්වා කල් ලබා දුන්නේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ ශ්‍රී ලංකා මහ බැකුවේ නිලධාරීන් දෙදෙනෙකු වන එස්. පත්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Related posts

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday

අයි.එම්.එෆ් ගිවිසුම කඩන්න බෑ

Admin

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday

‍රනිල්ගේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනයන්න අනුර එකඟ වුනා

Admin