Colombo Today Local News

රනිල්ගේ එජාප නායකත්වයටත් තට්ටු වෙයි… වෙනත් නායකයෙක් යටතේ එජාපය එන මැතිවරණයට…

පාර්ලිමේන්තුවේ 113ක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගැනීමේ සටනේදී එක්සත් ජාතික පෙරමුණ පරාජය වුවහොත් ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් කර එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තොරව වෙනත් නායකයකු යටතේ මුහුණදීමට එජාපය තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරුවලින් දැනගන්නට තිබේ.

මෙහිදී පක්ෂ නායකත්වය ගැනීම සඳහා එජාපයේ ප්‍රබලයකු සූදානමින් සිටින බවද එකී ආරංචිවලින් තවදුරටත් දැනගන්නට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කුමන පාර්ශ්වයක් ගෙන ආවද ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කිරීමේ ඉඩක් ඇති බවටද එක්සත් ජාතික පෙරමුණ විශ්වාසයෙන් පසුවෙන බව මෙම ආරංචි මාර්ගවලින් තවදුරටත් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් කරු ජයසූරිය මහතාට මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට එජාප පාර්ශ්වයේ නායකත්වය ගෙන ජාතික ආණ්ඩුවක් ගෙනයෑම සඳහා යෝජනාවක්ද ඉදිරිපත්ව තිබූ බව වාර්තා වේ.

Related posts

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Admin

රන්ජන් ගේ හඬපට යලි කරළියට – අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව යළි ඇවිලේ

colombotoday

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday