Colombo Today Local News

රටෙන් 10% ඇමරිකවට දෙන MCC ගිවිසුම අත්සන් කිරීම ජනපති අත්හිටුවයි !

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජනා කර ඇති මිලේන්ියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම වහා නවතන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඔහු හමුවී පෙන්වා දීමෙන් පසුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී මෙම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන ලද අවස්ථාවේදීම ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා මංගල සමරවීර මහතාට මේ බව දැනුම් දී තිබේ.

මෙම ගිවිසුම අත්සන් කිරීම අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රබල මත ගැටුමක්ද ඇතිවිය.

Related posts

සතොසත් සහල් අලෙවිය සීමා පනවයි

Admin

නව වසරේ ඇමති මාරුව

colombotoday

ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්

colombotoday

සහරාන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබියදී රාජකාරිය පැහැර හැරි කාත්තන්කුඩියේ OIC ගේ සාක්ෂිය

colombotoday

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday

අනුර ලෙඩෙක් කියු පුද්ගලයා අල්ලන්න පොලිස් විමර්ශන

Admin