Colombo Today Local News

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

ඉදිරි අයවැය සම්මත වන තුරු අවශ්‍ය වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයෝ තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම්දී ඇත්තේ, අගෝස්තු 27 වන දා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බවය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේ දී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස හෙට දිනයේ දී විවාදයට ගැනීමට නියමිතව ඇත.

මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21)දින පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ ව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

Related posts

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday

පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35000ක් ගොඩබායි

colombotoday

2,000සේ දීමනාව අද සිට | සුදුසුකම් ලබන අය මෙන්න

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක වික්කොත් බලපත්‍ර අහෝසී…

Admin

බුරවිට සුළි කුණාටුවට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

colombotoday