Colombo Today Sports News

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

150821074227_herath_640x360_afp_nocredit

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉණිමක සහ ලකුණු හයක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වුන මේ තරඟයේ සිව්වැනි දිනයේ සවස් භාගය වන විට සිය ජයග්‍රහණය සහතික කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

තරඟයේ පළමු ඉනිමේ දී වාර්තාගත පිති හරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් පිලිවෙලින් ලකුණු 186 ක් සහ 151 ක් වාර්තා කළහ.

මෙම තරඟයේ දී මනරම් පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් බටහිර ඉන්දීය කණ්ඩායමේ කඩුළු දහයක් දවා ලීමට සමත් විය.

මේ වන විට රංගන හේරත් දවා ඇති ටෙස්ට් ක්‍රිකට් කදුළු සංඛ්‍යාව 288 කි.

Related posts

දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි 

colombotoday

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

අලසකම අහලක නැත! කණ්ඩායමට ආයෙත් මහේල ඇවිත්

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

colombotoday

2021විස්සයි විස්සේ ඕස්ට්‍රේලියාවට ලෝක ශූර කිරුළ

colombotoday

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..

colombotoday