Colombo Today Local News

මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක හෙළුව ඥාණසාර හිමියන් කොමිසම හමුවේ හෙළි කරයි

මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (13)දින අනාවරණ කළේය.

එමෙන්ම අන්තවාදී මත දරණ ජාත්‍යන්තර මුස්ලිම් නායකයකු සමඟ රවුෆ් හකීම්ගේ මස්සිනා, කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන අයෙක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එස්. එම්. අමීන් පෙනී සිටින ඡායාරූප පෙළක් ඥානසාර හිමියන් කොමිසමට හෙළි කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පළමු වරට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේය.

මෙරට තුළ අන්තවාදී ඉස්ලාම් මතවාද දරණ ප්‍රධාන පාර්ශ්ව හතරක් සිටින බව පැවසු හිමියන් ඔවුන් තබ්ලික් ජමාත් මතවාදය, වහබ් වාදය, සලෆි මතවාදය හා ජමාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාන් මුස්ලිම් ලෙස වර්ග වී සිටින බව කොමිසමට අනාවරණ ක‍ළේය.

එමෙන්ම සහරාන් වැන්නන් බිහි වීම ආරම්භය හා සන්නද්ධ වීම දක්වා ගොඩනැගීම සිදුව ඇත්තේ මේ අතරින් දරුණුතම මතවාදය වන ඉහ්වාන් මුස්ලිම් මතවාදය හරහා බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ “දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕනෙ, ඒක තමයි ඉස්ලාම් දහමට කරන ලොකුම පරිත්‍යාගය” යන්න ඔවුන්ගේ මතය වන බවයි.

එමෙන්ම මෙරට උලමා සභාවේ නායකයින් මෙම ප්‍රධාන මතවාදය අනුගමනය කරන බවත් අයි එස් අයි එස්, අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන අනුගමනය කරන මතය හා ඉතා සමාන බවද උන්වහන්සේ කොමිසමට පෙනවා දුන්නේය.

ඥාණසාර හිමියන් වැඩිදුරටත් සදහන් කළේ වහබ් වාදය අන්තර්ගත “කිතාබුත් තවුහිද්” ග්‍රන්ථය මේ වනවිට දකුණු ආසියාතික, යුරෝපීය හා රුසියාව ඇතුලු රටවල් විස්සක පමණ තහනම් වුවද මෙරට තුළ එම ග්‍රන්ථය මේ වන විටත් අලෙවි වන බවත්, “තක් වියත් උල් ඊමාත් “නම් අන්තවාදි ඉගැන්වීම් ඇතුළත් ග්‍රන්ථය මෙරට ග්‍රෑන්ඩ් මර්කස් පල්ලිවල ද අලෙවි වන බවයි.

එහිදී කොමිසම විමසුවේ “ඔබ වහන්සේ සඳහන් කළ ප්‍රධාන මත දරන්නන් අතරින් ඉහ්වාන් මුස්ලිම්වරු යන්න කවුරුන්ද?” යන්නයි

ඊජිප්තුවේ “යූසුෆ් අල් කර්දාරී” නම් දැඩි අන්තවාදී මතධාරී නායකයකු කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ඉස්ලාම් අන්තවාදී මතය දරන්නන් පිරිසක් විසින් බේරුවල පිහිටි “ජාමියා නලිමියා” නම් ඉගැන්වීම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවද උන්වහන්සේ කොමිසමට අනාවරණය කළේය.

“යූසුෆ් අල් කර්දාරි” නම් එම නායකයා 2013 වසරේ අප්‍රේල් 28 වන දින මෙරට පුද්ගලයන් තිදෙනෙකු හමුව ඇති බවත් ඔවුන් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ මස්සිනා වන මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී නයිමුල්ලා, දැනට කටාර් හී ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ සේවයේ නියුතු ඉනාමුල්ලා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එස් එම් අමීන් හමුවූ අවස්ථාවේ ගන්න ලද ජායාරූපයක් ඥානසාර හිමියන් කොමිසමට ඉදිරිපත් කළේය.

එම හමුවීමෙන් පසු ඉනාමුල්ලා නමැත්තා මෙරෙට තුළ “ශූරා සභාව” නම් අරාබි රටවල ක්‍රියාත්මක වන රජුට උපදෙස් ලබාදෙන සංවිධානයක් නිර්මාණය කර ඇති බවත් එය පිහිටුවීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ඇති අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද උන්වහන්සේ කොමිසමට ලබාදුන්නේය.

එමෙන්ම NFGG (National Front for good governors) හෙවත් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ යන සංවිධානය විසින් 2015 දී යහපාලනය ස්ථපිත කිරීමට කටයුතු කළ බවත් ත්‍රස්ත ප්‍රාහර සඳහා ඉක්මනින් මග පෑදුනේ ඒ තුළින් බවද උන්වහන්සේ කොමිසමට අවධාරණය කළේය.

ඒ අනුව 9 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ ඉස්ලාම් පෙළපොත් සඳහා ඊජිප්තුවේ “යූසුෆ් අල් කර්දාරි” නම් දරුණු අන්තවාදී නායකයා සම්බන්ධයෙන් වන ඉගැනන්වීම් ඇතුළත් කර ඇති බවද උන්වහනසේ කොමිසමට අනාවරණය කළේය.

එමෙන්ම ඥානසාර හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ 13 ශ්‍රේණිය ඉස්ලාමීය ගුරු මාර්ගෝපදේශ පොතෙහි 43, 63, 109 හා 123 වන පිටුවල එය අන්තර්ගතව ඇති බවයි.

Related posts

සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

colombotoday

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාව විරුද්ධයි.. අස්ගිරි මහ ලේඛකාධිකාරී හිමියෝ තහවුරු කරයි

colombotoday

උඩුවේ හිමිට ඇප.. අලි පැටවා ළග තබාගත්තාට නීතිපතිගෙන් අධි චෝදනා !

colombotoday

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday

සුපුරුදු හොරු කල්ලිය නැවතත් මහින්ද වටකරගෙන… මේ ජනතා ජයග්‍රණය දේශපාලන අපතයින්ට පාවා දෙනු බෑ – විදුර වික්‍රමනායකගෙන් මහින්දට පණිවිඩයක්…

colombotoday

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin