Colombo Today Local News

මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා කිරීම මෙලෝ රහක් නැති වැඩක් – අජිත් පි පෙරේරා කියයි

ඉදිරි මහමැතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දීම කිසිදු ඵලක් නොමැති ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ අද(13) උදෑසන පාක්ෂිකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් විපක්ෂය විසින් පිළිගත් බවයි.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා, ඉදිරිපත් කිරීම ගැන සියලු දෙනාගේ එකඟතාවයක් ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ රටේ ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට පරිනත සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂ නායක බවට පත් කිරීමට ද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා කිරීමට තරම් සුදුසුකම් ඇත්නම් පක්ෂයේ නායකත්වයට පත් කිරීමට කිසිවෙකුට ගැටළුවක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මේ වන විට පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව සියලු දෙනා පිළිගන්නා බවත් පැවසු ඒ මහතා, ඒ නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි යන්න මුළු මහත් රටම දන්නා කරුණක් බවත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලයක් මෙරට අගමැති ධූරය කර, පක්ෂයේ නායකයා වී සිට හා විපක්ෂ නායක වී සිට දේශපාලනයේ අලුත් නායකයෙකුට අවස්ථාව ලබා දී ඉවත්ව යා යුතු බවත් අජිත් පී පෙරේරා මහතා මෙහිදී කියා සිටියේය.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම අඥාන තර්කයක් බවත් එය “මෙලෝම රහක් නැති තර්කයක්“ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලංකාවේ ආයෝජනයට මුදල් ඇමති ගෙන්වූ සුපිරි ආයෝජකයා මෙන්න “හර්බජන් සිං”

colombotoday

චූදිතයෙකුගේ මරණ දඩුවමට බලපෑම් කිරීම මිනී මැරීමට තැත් කිරීමක් හා සමානයි…

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් කතක් අත්අඩංගුවට

colombotoday

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

colombotoday

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday