මහනුවර ගැටුමට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ සිටින බවට හිටපු ඇමති රවි කරුනානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
‘අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව වෘකයො බැටළු ඇදුම් ඇදගෙන. හැම පවුලකම කළු බැටලූවෙක් ඉන්නව. ඒ වගේම ආණ්ඩුවෙත් ඉන්නව’ යයිද හිටපු ඇමතිවරයා කියා සිටියේය.