Colombo Today Local News

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට අනාවරණය විය.

එමෙන්ම පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවට ද අත්අඩංගුවටගත් සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව ද මෙහිදි අනාවරණය වී ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ලබාදුන් සාක්ෂිවල දී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ඊයේ (16)දින සාක්ෂි ලබාදුන්නේය.

2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හටගෙන ඇති බව අදාළ නිලධාරියා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැණුනු සහාරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් සිදුකරනු ලැබු ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වූ බවය.

Related posts

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin

දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයි

colombotoday

බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක්‍… හලාල් හා මද්‍රසා පාසල් ගැනත් තීරණයක් !

colombotoday

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

යුරෝපා ත්‍රස්ත ලයිස්තුවෙන් LTTE ය ඉවතට.. අරමුදල් රැස්කිරීමට, ප්‍රචාරයට අවසර !

colombotoday

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin