Colombo Today Local News

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අරක්කු බෝතලයක ද මිල වැඩි කිරීමට තමන් යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.

මෙවර අයවැයෙන් විශේෂ අරක්කු බෝතලයක හැර අනෙක් මත්පැන් වර්ග වල මිල ඉහළ දමන ලදී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසනු ලැබීය.

මත්පැන්, සිගරට්, බීර, වයින්, දුම්කොළ සහ බීඩි නිෂ්පාදනවල මිල අයවැය මඟින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය තමන් අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියි.

ග්‍රාමීය ජනතාව වැඩි වශයෙන් විශේෂ අරක්කු හෙවත් පානය කරන බවත්, ඔවුන් අනවබෝධයෙන් මේවා පානය කිරීම වැළැක්වීම සඳහා මෙහි මිල ද වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

Admin

නැගෙනහිර මහඇමති කණගාටුයි කියා ත්‍රිවිධ හමුදාවම හෙළා දකී.. වැරදිකරුවන් රකිනවායි චෝදනා කරයි

colombotoday

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

colombotoday

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday