Colombo Today Local News

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරෙහි වටිනාකම රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ හය දහසක්(8376000) බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරෙහි වටිනාකම සහ එහි ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා, අද (18) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉසුර දේවප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

දැනට ලැබී ඇති වාර්තා අනුව දොර වෙනුවෙන් ගෙවා ඇති වටිනාකම් රුපියල් 83 76 000ක් වන බවත් සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තවත් අමතර මුදලක් ගෙවන්නට සිදුවේ දැයි ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා වැඩිදුර විමසා සිටි අතර තවත් අමතර මුදලක් වැය නොවන බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

බස්නාහිර පළාත් සභාවේ ඉදිකිරීමට නියමිත දොරෙහි ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 72 00 000ක් වන අතර ඒ සඳහා මේ වනවිට රුපියල් 83 76 000ක වියදමක් දරා ඇත.

Related posts

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

රජයට පාඩු කළ චෝදනාවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නිදහස්

Admin

කොළඹ නගර සභාවේ ගහපු සුපිරි ගේම

Admin

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න අධිකාරියක්

Admin