Colombo Today Local News

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නොමැති බව වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රට තුළ නිෂ්පාදනය කර ගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළහොත්, භාණ්ඩ මිලෙහි ගැටලුවට විසඳුමක් ලැබෙන බව ඔහු පැවසීය.

අද (17)දින හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි දේ වැඩි වැඩියෙන් අපි නිෂ්පාදනය කරගත හැකි නම් බඩු මිල අඩුවෙනවා. ඒ නිසා තමයි විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ, ජනාධිපතිවරයා කිසිම හේතුවකටවත් ගෙන්වන්නට දෙන්නේ නැත්තේ, මේ රටේ ගොවියා ආරක්ෂා කරලා නිෂ්පාදනය වැඩි කිරීමට. එය කෙටිකාලින වශයෙන් අර්බුදයක් තිබුණත්, දිගුකාලින වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළෙඳපොළ තත්ත්වයකට ගමන් කරන්නට පුළුවන්,” බව අමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්නය – වෙළෙඳ අමාත්‍යවරයා විදිහයට බඩු මිල සම්බන්ධයෙන් කෙටිකාලින සහනයක් දෙන්න බැරිද ජනතාවට ?

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා – “එහෙම කරන්න බැහැ, බොරු ප්‍රාතිහාර විසඳුම් නැහැනේ, ලෝකයේ ඉන්න එක සත්ත්වයෙක් විදිහට තමයි වෙළෙඳ අමාත්‍යවරයාත් ඉන්නේ, මුළු ලෝකෙම වරායවල්, ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ වෙළෙඳ ඇමතිට බැහැ වෙන රටවල ගුවන්තොටුපොළ අරින්න කියලා නියම කරන්න.”

Related posts

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල 300% කින් ඉහළට

colombotoday

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday

මහින්ද පැරදුනේ කහ ඉරි අනිවාර්ය කරපු නිසයි – බැසිල්ගෙන් අමුතු කතාවක්

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

colombotoday