Colombo Today Local News

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගෝනපීනුවල දී අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන “පොඩි ලැසී” නමැත්තාගේ සමීපතමයෙකු මීටියාගොඩ, ගෝනපීනුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කේරළ ගංජා ගෑම් 45ක් සහ කඩු දෙකක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීටියාගෙඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Related posts

රට බෙදන්න කිසිම අදහසක් නෑ

Admin

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !

colombotoday

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට වැඩසටහන් රැසක්

Admin