Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් මුස්ලිම් ජාතිකයෙකුට ඇප.

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයෙකුට, තඹුත්තේගම අධිකරණය විසින් අද ඇප නියම කරනු  ලැබුවා. 

ඒ, තඹුත්තේගම ප්‍රධාන මහේස්ත්‍රාත් රමීලා නදීශානි මහත්මියගේ නියෝගයකට අනුවයි. 

රුපියල් ලක්‍ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුට, නැවත දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ. 

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවු පාස්කු ප්‍රහාරය හේතුවෙන් සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ සිය නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමත් සමගයි. 

කෙසේවෙතත් පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකාර 54 හැවිරිදි මුස්ලිම් ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත්තේ, කළුගල් ව්‍යාපාරිකයින්ට සහ ධීවරයින්ට  විකිණිම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය තමන් ලග තබා සිටි බවයි.

Related posts

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

එජාප හිටපු ඇමැති රවී කරුණානායක පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday