Colombo Today Local News

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

තෙල්දෙණිය පොලිස් වසමේ බෝක්කු කණුව අසළ දී අම්පාර සිට කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (24)දින රාත්‍රී 7.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පොලීසිය හා මහනුවර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.

තෙල්දෙණිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

colombotoday

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

colombotoday

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

colombotoday

හමුදා කදවුරු නිරීක්ෂණයට එක්සත් ජාතීන් අවසර ඉල්ලයි…

colombotoday