Colombo Today Local News

පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි

2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා දෙවනවර හා තෙවනවර කියවා සම්මත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (29)දින තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, කෝවිඩ්-19 අර්බුදය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කිරීමට ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය විය.

ඒ අනුව, ලබන නොවැම්බර් 03 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 12 දක්වා පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර, එදින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත්කර ඇති නියෝග 02ක් විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එදින මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය සඳහා කාලය වෙන් නොකෙරේ.

මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේදී මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදීමටද තීරණය වී තිබේ.

ඒ අනුව, ජනමාධ්‍ය නියෝජිතයන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

අරගල භූමියට එන්නේ අයිස් ගහලා. – කෝනාරගේ විෂමාචාර ක්‍රියා පෙම්වතිය හෙළිකරයි

colombotoday

“ලංකාවේ සමලිංගිකයන් දැන් අභිමානය සමරණවා.. තව ඉවසන්න බෑ, නිදහස ඕනෑ” මල්ෂා කුමාරණතුංග සමලිංගික සටනේ

colombotoday

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40%කින් ඉහළට

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday