Colombo Today Local News

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවට ඔහු අද අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙනි.

මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වන පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය නම් කර ඇති අතර ඔවුන් අද මහාධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් මස 12 දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරුට සහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

Related posts

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

colombotoday

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

ජනපතිට යැවූ පොහොට්ටු ඇමති ලැයිස්තුවේ ජොන්ස්ටන්, නාමල්, සනත් නිශාන්තත්… – ඇමති ලැයිස්තුව මෙන්න

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

colombotoday

“සිංහලයන් පදිංචිකිරීම තහනම්” උතුරු සභාවේ යෝජනාවක් සම්මත කරයි

colombotoday