Colombo Today Local News

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බව ඇය පෙන්වා දෙයි.

එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා  පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙයි

Admin

අවසන් සටනේදී පැනගිය කොටි නායකයෝ ලංකාවට.. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අගවයි

colombotoday

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

colombotoday

“විහිළු සැපයීම නවත්වා තෙල් මිල වහා පහත දමනු.. මෙය මහා දවල් සිදු කල මංකොල්ලයකි” – විපක්ෂ නායක

colombotoday

(Video) මූලස්ථානයට හූ කීම අම්මට හූ කීවා වගේනම්, සිරිකොතට ගල් ගැසීම අම්මට ** වගේද? – දිලුම් අසයි

colombotoday