World

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ මුම්බායිහිදී එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත බැනර් ප්‍රදර්ශනය කළ කොටි හිතවාදීන් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක සීමාන්ගේ නායකත්වයෙන් යුතු නාම් තමිලර් සංවිධානයේ සාමාජික දෙමළ ජාතිකයින් දෙදෙනෙකු වන මුතියජගන් සුන්දරම් සහ පලනිවෙල් රවින්ද්‍ර නැමැත්තන්ය.
පෙරේදා (28) මුම්බායිහි මුලුන්ඞ්ස් ප්‍රදේශයේ ජනාකීර්ණ වටරමුකදී මොවුන් දෙදෙනා ප්‍රභාකරන්ගේ රුව රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් සිටියදී මුම්බායි පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 64 වැනි උපන්දිනය සැමරීම වෙනුවෙන් ඔවුන් මෙම බැනර් ප්‍රදර්ශනය කර ඇත.
අත්අඩංගුවට ගත් නාම් තමිලර් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනාට පොදු දේපල යටතේ චෝදනා ඉදිරිපත් කරමින් මුම්බායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී කොරෝනා අසාදිතයින් 14,721ක් හදුනා ගනී

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළට

colombotoday

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

colombotoday