Colombo Today Local News

නෙලුම් කුළුණ හෙට විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට විවෘත කෙරේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.

මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විතය.

මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.

ඉන් 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර තිබේ.

සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් නෙළුම් කුළුණ සමන්විතය.

මේ අතර නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, රුපියල් 45.00 ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද හෙට නිකුත් කරන බවයි.

Related posts

පාන් මිලත් ඉහළ යයි

colombotoday

තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල

colombotoday

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

අධි වේගයේ වේගය පැන්නොත් බේරෙනවා බොරු. පොලිසියට ලැබුණ නවීන උපකරණ

colombotoday

ෆේස්බුක් අන්තවාදියා ෆසාල් නිසාර්ගේ බැංකු ගිණුමෙන් කෝටි 7 ක් සංසරණය වෙලා..

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin