Colombo Today Local News

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

නීති විරෝධී ලෙස පිස්තෝලයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කෑගල්ල වතුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (08) රාත්‍රීයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මිලිමීටර් අට වර්ගයේ පිස්තෝලයක් සොයාගෙන ඇති අතර ඔහු සංවිධානාත්මක අපරාධවල නියැලි ඇති සැකකරුවෙකු බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වල දී හෙළි වු තොරතුරු මත පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශය විසින් රංවල ප්‍රදේශයේ හෝටලයක් පරික්ෂාවට ලක්කර වෙඩි නොවදින පපු ආවරණයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ වෙඩි නොවදින පපු ආවරණය විදේශ රටක නිෂ්පාදිත සන්නද්ධ හමුදාව විසින් භාවිත කරනු ලබන විශේෂ බැලැස්ටික් වර්ගයේ පපු ආවරණයක් බව හඳුනාගෙන තිබේ.

එහි අනන්‍යතාව නිසි ආකාරව ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනාධිපති-අගමැතිත් හොර පාරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්ෂණ ක්‍රියාත්මකයි

colombotoday

එළැඹෙන ඉරිදා සහ සඳුදා දිවයිනටම ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය තවදුරටත්

colombotoday

ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

colombotoday

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday