Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

යෝජිත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන කාර්යාලයේ සේවය කරන නව දෙනෙකුට වැටුප් ගෙවන්නේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය බව අනාවරණය වී ඇත.

මේ සෑම අයෙකුටම රුපියල් ලක්ෂ 2කට වැඩි වැටුපක් ගෙවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ 4 වන මහලේ පිහිටා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කාර්යාලයට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැටුප් ගෙවන බව මෙතෙක් වාර්තා වී තිබිණි.

ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා මෙම නව දෙනාට කිසිදු සුදුසුමක් නැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.

එසේම එම ලේකම් කාර්යාලය මෙහෙයවන්නේ ලන්ඩන් නුවර නීති සමාගමක සේවය කළ නිලධාරිනියක් බවද අනාවරණය වී ඇත.

මේ නිසි යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතා මත කෙටුම්පත් වන්නක් යන ප්‍රශ්නය මතුව ඇත.

කීර්ති වර්නකුලසූරිය – දිවයින

Related posts

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

colombotoday

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ජෝන් සෙනවිරත්න රජයෙන් ඉල්ලයි

colombotoday

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin