Colombo Today Local News

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව අද (08 ) සිට එළැඹි පැය 48 ක නිහඬ කාල සීමාවේදී තරග කරන දේශපාලන පක්‍ෂ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනයට හේතු වන පරිදි ආගමික සිද්ධස්‌ථානවලදී හෝ පිටතදී ආගමික වතාවත් හෝ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන අයට එරෙහිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥ පනතේ විධිවිධාන අනුව ක්‍රියා කරන බවද සියලු පක්‍ෂ වෙත දැනුම්දී ඇත.

සියලුම ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (07 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව ඉදිරි දින දෙක නිහඬ කාලයක්‌ ලෙස පැවතිය යුතු බව කොමිසම පවසයි.

නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව නොපමාව දිස්‌ත්‍රික්‌ මැතිවරණ කාර්යාල වෙත හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත සවිස්‌තරව දන්වන ලෙස සිවිල් සංවිධානවලින් හා පුරවැසියන්ගෙන් කොමිසම ඉල්ලා සිටී.

ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතුවලදී නීතිවිරෝධී ලෙස සිදු කළ රාජ්‍ය දේපළ අයුතු පරිහරණය, රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ භාවිත කරමින් මුදල්, ද්‍රව්‍යාධාර බෙදාදීම, විවිධ රාජ්‍ය උත්සව හරහා පක්‍ෂ හෝ අපේක්‍ෂක ප්‍රවර්ධනය කිරීම ඇතුළු ක්‍රියාකාරකම්වලට එරෙහිව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයිද ඡන්ද විමසීමෙන් පසුවද ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද කොමිසම පවසයි.

Related posts

අහඹු පීසීආර් 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හදුනා ගනී

colombotoday

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

Admin

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

ත්‍රීවීල් ඉස්සු 05 ක් මාට්ටු. ත්‍රි රෝද රථ නැති වූ පුද්ගලයින් කළයුතු දේ මෙන්න.

colombotoday

අගමැති බැදුම්කර කොමිසමට එන දා එජාපයෙන් කොළඹ විරෝධතා !

colombotoday

“විග්නේෂ්වරන් නිසා දකුණේ අන්තවාදීන් චූන් වෙනවා“ ආණ්ඩුව තානාපති අංශ දැනුවත් කරයි

colombotoday