Colombo Today Local News

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පොලිසිය විසින් අද (15)දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලග්ගල, ලේල්ඔය ප්‍රදේශයේදී අද අලුයම සිදුකළ වැටලීමකදී.

ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු නිවසක් තුල මුදලට සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න ඇතුළු පිරිසක් බවත් ඔවුන් සන්තකයේ තිබී රුපියල් විසිහතර දහසකට වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගත් බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

මෙසේ සභාපතිවරයා සමග අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 221 ප්‍රමාණයක් ද සොයා ගෙන ඇත. හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල විල්ගමුව ආදී ප්‍රදේශ වලට හෙරොයින් ගංජා බෙදාහැරීමේ ජාවාරමක නිරත “යකා “නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුරංග දිසානායක නමැති පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ දිනපතා රහසිගතව රාත්‍රී නවයේ සිට අලුයම දක්වා ස්ථාන මාරු කරමින් මුදලට සුදු ක්‍රීඩාවේ යෙදෙන සිද්ධීන් පිළිබඳව පැමිණිලි ලැබී තිබූ බවත් ඒ අනුව රාත්‍රී 9.30 ට පමණ ලග්ගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සඳහා යොදවා තිබූ තිබේ.

ඒ අනුව අලුයම 2.30 ට පමණ මුදලට සූදු සෙල්ලම් කරන ස්ථානය වැටලීම් සිදුකර පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයෙන් පලා යෑම සඳහා සහ නඩු පැවරීම කින් තොරව මුදා හැරීම සඳහා විවිධ බලපෑම් සහ ඉල්ලීම් කළ බවද පොලිසිය කියයි. කෙසේ වෙතත් සැමටම එක නීතිය ක්‍රියාත්මක කිරීම යටතේ සියලු දෙනාටම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම සූදු ක්‍රීඩාව කරගෙන යන බවට ප්‍රදේශයේ කාන්තාවන් සහ විවිධ සංවිධාන පොලිසියට නිරන්තරයෙන් තොරතුරු ලබා දෙන බවත් එහෙත් ඉතා සූක්ෂම ලෙස ස්ථාන මාරු කරමින් තැරැව්කරුවන් අතරමග දමා මහා පරිමාණයෙන් මෙම සූදු ක්‍රීඩාව පවත්වාගෙන යෑම නිසා ප්‍රදේශයේ බරපතල ප්‍රශ්න රැසක් පවතින බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

සුදු කීඩාවේ යෙදුණු සභාපතිවරයා ඇතුළු පිරිසට පොලිසිය මගින් ඇප ලබාදීමට හැකි බවත් ඒ සමග අත්අඩංගුවට ගත් “යකා” නැමැති පුද්ගලයා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විපක්ෂ පාගමන නුවරදී කඩාකප්පල් කිරීම අපේ ජයක්.. එජාප ප්‍රවර්ධනය පිළිමතලාවේදී කරනවා

colombotoday

අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලන වැඩපිළිවෙලට බාධාවක් – ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සෞඛ්‍ය ඇමතිය කියයි

colombotoday

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

colombotoday

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

Admin

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

ලකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ – අගමැති

colombotoday