Colombo Today Local News

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

කොරෝනා වෛරසය ආසාධිත වූවන් හමුවීම හේතුවෙන් මේවනවිට නිරෝධායනයකට ලක්කර වසා දමා තිබෙන අකුරණ ප්‍රදේශයේ සිට පැමිණ සැඟවී සිටි අයෙකු මාවතගම පරගහදෙනිය ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලංකා අමරසිංහ මහත්මිය පැවසුවාය.

සැකකටයුතු ලෙස පිටස්තර ප්‍රදේශයකින් පැමිණ සිටින පුද්ගලයෙකු පරගහදෙනිය සිංහපුර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැන්වීමෙන් පසුව පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මාවතගම පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 හැවිරිදි එම පුද්ගලයා සිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටින තම බිරිඳ සහ දරු දෙදෙනා බැලීමට පැමිණි බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත .

තම බිරිඳ සහ දරුවන් බඩගින්නේ සිටින බවට ඔහු අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර කුරුගොඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් අලවතුගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මානුෂික හේතුන් යටතේ අනුමැතිය ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.

බරපතල ආකාරයට කොරෝනා වසංගතය අකුරණ ප්‍රදේශය තුළ පැතිරීම හේතුවෙන් එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අවස්ථාවක නිරෝධායනයට ලක්වීමට නියමවී තිබූ මෙම පුද්ගලයාට එම ප්‍රදේශයෙන් බැහැර වීමට අනුමැතිය ලබාදීම බරපතල වරදක් බව වෛද්‍ය අමරසිංහ මහත්මිය සඳහන් කළාය.

කුමන හේතුවක් මත හෝ දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට යාම තහනම් කර තිබියදී මෙම පුද්ගලයාට මාවතගමට පැමිණීමට අවසර දීම මෙන්ම ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් හෝ දැනුම්වත් නොකිරීමද නිලධාරීන් විසින් සිදුකර ඇති තවත් වරදක් බවද අමරසිංහ මහත්මිය පැවසුවාය.

යම් හෙයකින් ජනතාව  ඔහු පිළිබඳව නොදැන්වූවානම් එම පුද්ගලයා මාර්ගයෙන් කුරුණෑගල ප්‍රදේශයට කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් පැවති බවද අමරසිංහ මහත්මිය පැවසුවාය.

අත්අඩංගුවට ගනු ලැබූ එම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවස තුළම නිරෝධායනය කිරීමට පියවර ගත් බවද වෛද්‍ය අමරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

colombotoday

නැවෙන් වෙරළට ආ බඩු ගත් අත් වණ වෙයි | ඉදිරියේදී සිතා ගන්නට නොහැකි පසු විපාක මතු වීමේ අවදානමක්

colombotoday

“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday